Image and video hosting by TinyPic
Latest Lyrics

ඉඟ සුඟ නලවන රුවැත්තී (Buddika Ushan)


ඉඟ සුඟ නලවන රුවැත්තී නෙතු රවටන යුවැත්තී
ප්‍රේමණීයයි ඔබගේ සේයා
ඉතසිත නලවන මුවැත්තී හද කකියන හැඩැත්තී
ශෝබනීයයි ඔබගේ මායා
මිහිරාවී මාගේ ඔබ මාගේ සඳනාලී
මන ලෝලී ප්‍රේමී රසවන්තී පෙම්වන්තී
සුකුමාලී මාගේ ඔබ මාගේ මනහාරී
රුචිරාණී නාරී ඔබ වෙනුවෙන් හද පුදමී

ඉඟ සුඟ නලවන රුවැත්තී නෙතු රවටන යුවැත්තී...

සඳ මුවාවී යන වෙලාවේ
ඔබෙ රුව ගැන සිත සිත හද හඬමින් ‍රැය ගෙවෙන්නේ
තරු පහන්වී දැල් උනාවේ
ඔබේ නිල් නෙතු යුග තරු පොකුරු පරදවා දෙලෙන්නේ
මට හිතා ගන්න බැරි ඔබේ ආදරේ දරා ගන්න බෑ ඔබේ සිතෙන්
වෙනස් වී යයිද ඔබේ මේ ආදරේ

ඔබේ සිනාකැන් මට මතක් වී
ඔබ නැති සැම දිනකම සිටියා මං තුරුල් වී
මම හඬාවී ඔබ සිනාසේ
මම ඔබ ලඟ සිටි හැම මොහොතෙම ඔබ නෑ තුරුල්ලෝ
මට හිතා ගන්න බැරි ඔබේ ආදරේ දරා ගන්න බෑ ඔබේ සිතෙන්
වෙනස් වී යයිද ඔබේ මේ ආදරේ

ගායනය  :  බුද්ධික උෂාන්

දුක වැඩි තරමට කඳුලු හෙලන්නට (Noel Raj)




දුක වැඩි තරමට කඳුලු හෙලන්නට
නෙත තවමත් විවර වෙලා
කවදාවත් හිමි නොවනට
ඔබ මාගෙන් ඈත් වෙලා
හැඬවෙන නෙතඟට තරව‍ටු කෙරුවට
කඳුලැල් නෑ නතර වෙලා
හැමදාමත් රිදවන්නට ඔබ ගියේ ඇයි ඈත්වෙලා

වෙනසක් නැහැ මගේ සිහිනේ 
තාමත් මල් පිබිදෙන්නේ
‍රැව‍ටුනු මේ හිත මාගේ
තනිවුනු බව නෑ දන්නේ
මුලු යහන පුරා විඳි සුවද පවා නැත
දුක විතරක් ඉතිරි වෙලා

කඳුලක් කඳුලක් ගානේ
ඔය රුවමයි සිහිවෙන්නේ
මට නොලැබුනු ඔබේ සෙනෙහේ
වෙනකුගේ බව නෑ දැනුනේ
ජීවිතය පුරා පැතු පැතුම් මකා ඔබ
දුක විතරක් උරුම කලා

දුක වැඩි තරමට කඳුලු හෙලන්නට......

ගායනය  :   නොයෙල් රාජ්

මගේ හිත ලඟ දවසක නතර වෙලා (Udaya Sri)



මුව ‍රැඳි හස‍රැල්ල පානා 
පායන සඳමසේ දිලෙනා
දෑසක මා සෙව්වසේමා
පිවිතුරු ආදරේ ගලනා

මගේ හිත ලඟ දවසක නතර වෙලා
බලනවනම් මුලු හිත පීරා ඔබ
නොහිතු තරම් සෙනෙහස පුරවා
දකිනා හිත ඔබ වෙනුවෙන්ම තමා

මේ සීත රෑයාමේ තුරුලේ හොවා
උණුහුමක සුව දෙන්න උන්නේ බලා
නිදිනේන තුන් යාමේ හිත කිතිකවා
සුරලියක සේ ඉන්න මට ලංවෙලා

මගේ හිත ලඟ දවසක නතර වෙලා.....

දකිනා හිත ඔබ වෙනුවෙන්ම තමා.....

ගායනය  :   උදය ශ්‍රී




ලියන්නට පෙම් හසුනක් (Chamara Weerasinghe)





ලියන්නට පෙම් හසුනක් ඔබේ සිත ගන්න
උපන් සහසක් හැඟූමන් ලියා තැබුවා මං
හිතේ පූදින පෙම් මල් ඔබට පුදදෙන්න
වසන්තය යලි එනකල් බලන් හිටියා මං

ආදරයේ සුන්දර තැන් සියුම් ලෙස විඳගන්න
ඔබට බැරිනම් මෙතුවක් ආදරේ පිලිගන්න
දැනෙන මේ පෙම් හැඟූමන් 
පවසාවි  විඳවනා තරම්...//

ලියන්නට පෙම් හසුනක් ඔබේ සිත ගන්න...

ජීවිතය ලැබු අභිමන් යලිත් බොඳ කරලන්න
පරාජිත වූ ප්‍රේමෙන් බැහැ තවත් ඉවසන්න
ගෙවන මේ දුක් කඳ නම්
ඔබ තාම දන්නේ නැතිද...//

ලියන්නට පෙම් හසුනක් ඔබේ සිත ගන්න...

ගායනය  :   චාමර විරසිංහ

ලං ලං වෙලා සිතින් මා (Noel Raj)



ලං ලං වෙලා සිතින් මා හොර රහසේ ගොළුවෙලා 
දැන දැනත් අහිමි බැව් මා පෙම් කලා
මේ පාලු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා

පැහැසර සිනාවෝ අත සුසුම් එවලා
හොර රහසේ ගියේදෝ මේ දෑස හඬවාලා
මේ පාලු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා

දුප්පත් කතාවෝ ඇති ළයේ ‍රැස් වෙලා
අහලා බලන්න ඒවා මතකද කියාලා
මේ පාලු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා

ලං ලං වෙලා සිතින් මා හොර රහසේ ගොළුවෙලා .....

ගායනය  :   නොයෙල් රාජ්

සරා සිහින රහසේ දිවුරා කියා (Bhathiya & Santhush)




සරා සිහින රහසේ දිවුරා කියා
සිතේ කඳුලු පහසේ මැව්නා සිනා
ඔහේ ඇවිද හා මා හද සිතුවිලි විල කලඹා
හැරදා මා ඔබ ගියදා උන් තැන තාමත් ‍රැඳිලා

සිත කඳුලැල්ලෙහි තවරා
කලුවර රසකර වින්දා
සඳ සෙවනැල්ලක් හැංගී
මගේ ඇස් තනිකර තෙමුනා
එසේ කඳුලු ගැලූ ඒ හීනේ
තවමත් ඔබයි ආදරේ

සරා සිහින රහසේ දිවුරා කියා.....

තනි අතකින් හඬ දෙදරා
හරි ආදරයක් හින්ඳා
යලි කවදාවත් නොවෙනා
මහ සාගරයක හැඬුවා
එසේ කඳුලු ගැලූ ඒ හීනේ
තවමත් ඔබයි ආදරේ

සරා සිහින රහසේ දිවුරා කියා.....

ගායනය  :  භාතිය &  සන්තුෂ්

මනමාලකම් පාන උන්මාදනී (Chandana Liyanaarachchi)




මනමාලකම් පාන උන්මාදනී
මේ නෙත් දෙකේ පැටලිලා
රහසේම නොදොඩාම ඉන්නට එපා
පෙම් හීනයේ සැරිසරා

මේ පාලු හැන්දෑවේ සුලඟක් වෙලා
මා හිත හොරා පටලලා දැවටිලා
මුමුණන්න හදනා නිස්කාරනා
මට ඕන නෑ අහන්නට කල්පනා

මේ සීත වැහිකාලේ තුරුලේ හොවා
ඉන්නත් හිතයි අවුලුවා නොගී නොරා
දහවල් හීන දැකලාම දැන් ඇතිවෙලා
තව ඉන්න බෑ තනිවෙලා කල්පනා

මනමාලකම් පාන උන්මාදනී
මේ නෙත් දෙකේ පැටලිලා
රහසේම නොදොඩාම ඉන්නට එපා
පෙම් හීනයේ සැරිසරා

ගායනය  :   චන්දන ලියනාරච්චි

අම්මා (Sangeeth Wijesooriya)





මේ ගීය සෑම මවකටම උපහාරයක් වේවා...



දන්  දී පින් දී උදම් වී දම් සාරෙන් නෑවිල
සම්මා සිත් පෑදුවා අම්මා...
කුස්හී දුක් ගී වැයෙද්දී හිස්වී ඇවිලී ගිනී
මං නැත්නම් කෑවේ නෑ අම්මා...
ඊට නම් බෑ ඉතින් වන්දි දෙන්න...
ආයෙමත් ආයෙමත් අම්මා වෙන්න...
නිවනින් වේලිලා වේදනා සේදිලා යනතෙක්ම...
අම්මා... අම්මා... අම්මා...

වාවාලා මිහිකත වාගේ
කැක්කුම් බේත් නාලා දියඋන රූපේ
සම ‍රැලි වී කෙහෙ ගැලැවී කුදු වෙනවා නේ අම්මා..
හද දනවා ඉවසනවා ඔබ කියලා දී ඇත්තාසේ
අම්මා... අම්මා... අම්මා...

දීඝායූ වැඩි වැඩි වේවා
දෙවියොත් දෑස් පාලා ලෙඩ දුරලාවා
කිරි එරවා යලි පොවනා ලෙස ලංවෙනවා අම්මා...
මට ලංවී සංසාරේ සංහිඳවන්නේ අම්මා...

ගායනය  :   සංගීත් විජේසූරිය

මගේ හීනයේ ලඟ ඉන්නට (Udaya Sri)























මගේ හීනයේ ලඟ ඉන්නට
ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයේ දැවටෙන්නට
මගේ උණුහුම මදිවී දෝ
ආදරේ... මටනම් ඇයි විරහා සරදම්
ජීවිතේ... මම නම් ඇයි කඳුලු මෙතරම්

නෙතු මුතුකැට වැටෙන තරම් 
හිතමත දඟ කෙරුව තරම්
උණුහුම හිත හැදුව තරම්
‍රැව‍ටුණු හැටි මා මෙතරම්
හිත හඬන තරම් ඔබ දන්නව නම්
තව කඳුලු දිදී රිදවන්නෑ... මා දැවෙන තරම් ඔබ දන්නෑ...

මගේ හීනයේ ලඟ ඉන්නට......

නොමියෙන මල් මතක පෙතී
එක එක බිඳ දැමුව හැටී
නෙතු අග තෙත ‍රැදුනේ නිතී
මගේ වරදම වෙන්න ඇතී
හුරු සිනහ සිතින් ඔබ ඉන්නවනම්
තව කඳුලු කතා පවසන්නෑ... මේ කඳුලු මගේ දැන් දුක නෑ...

මගේ හීනයේ ලඟ ඉන්නට......

ගායනය  :  උදය ශ්‍රී





හිත වාවන්නේම නෑ (Bhathiy & Santhush)































හිත වාවන්නේම නෑ
ඔබ ආයෙත් එන්නෙ නෑ
කිරිකෝඩු මැදියම් රෑ 
දුන් හීන එලි වෙන්නෑ
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා...//
මම තාම දන්නෙ මා ඔබේ කියා...

සුසුමන් කියා නොදුන්නු
ජීවිතේ සුපෙම් කතාව කියා දුන්නේ ඔබමයි ලඳේ...//
දෑසක් තියාන ඉන්නේ බැරිද තාම අවදි වෙන්නේ
බලා ඉන්න බෑ මට තවත්
සීතලෙන් මා වෙලී දෙනුවන් පහන් නිවී 
ඔබ යන්නෙ ඇයි ආදරී...

හිත වාවන්නේම නෑ....

උකුලේ නිදාන උන්නු කාලේ ආයෙ එන්නෙ නෑ
තනිවෙන්න බෑ මට ඉතින්...//
කෙහෙ‍රැල්ලේ ගෑගෑවි සුවඳ සෙව්ව මා එදා
ලංවෙලා ඉන්න බෑ ඉතින්
ආදරේ නෑ ඔයා පාලුවේ මා හෙලා
ඔබ යන්නෙ ඇයි ආදරී...//

හිත වාවන්නේම නෑ....

ගායනය     භාතිය & සන්තුෂ්



කඳුපාර ඈත අයිනේ (Milton Mallawarachchi)
























Remake Song by Sanka Dineth



කඳුපාර ඈත අයිනේ
සඳ රෑක ඈ සිනාසේ
වේදනා සිතාරයේ
ඒ ගීත රාවේ ඇසේවා... ජීවිතේ පුරා....                                          
යාලුවී දෙවටේ එදා කී කතා අසා...//
පාලුවී හැඬුවා සදා මාරුතේ පවා

කඳුපාර ඈත අයිනේ
සඳ රෑක ඈ සිනාසේ
වේදනා සිතාරයේ
ඒ ගීත රාවේ ඇසේවා... ජීවිතේ පුරා....

ගං ඉමේ මාදං කැලේ පාසලේ පුරා...//
මා සොයා ආවා වගේ වෙන් වෙලා ගියා

කඳුපාර ඈත අයිනේ......


ගායනය       මිල්ටන් මල්ලවාරච්චි
Remake   සංඛ දිනෙත්








සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ (Shihan Mihiranga)















Remake Song by Shihan Mihiranga




සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ලඟින්
හද පිරුණු වේදනා පිසදා සිනාසලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින්

පියවි ලොවේ කිසිදා එක් වෙන්නෙ නෑ
එනමුත් මගේ හදින් වෙන් වෙන්නෙ නෑ
දෙතැන තනිවී සදා හෙලන සුසුමන් නිවා
ඔබ ඉන්න මාගේ ලඟින්

සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ...
ඔබ ඉන්න මාගේ ලඟින්

තිබුනත් හදේ පැතුමන් ඉ‍ටුවන්නෙදෝ
ඔබ ගැන පැතූ සිතින් වැල පෙන්නෙදෝ
කඳුලු හස‍රැල් මවා මසිත ලතැවුල් නිවා
ඔබ ඉන්න මාගේ ලඟින්

සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ...

ගායනය            ප්‍රින්ස් උදය ප්‍රියන්ත
Remake          ශිහාන් මිහිරංග
 
Copyright © 2013. Latest Sinhala Lyrics - All Rights Reserved
Proudly powered by Sinhalaya Sindiya