සඳපාන සේ දිලේ මගේ නෙත් වශී කලේ...//
ඔය දෑස දුටු දා සිත මාගෙ බැඳුනා
පෙර සංසාරයේ සිටම පෙරුමන් පිරූ ලෙසේ
සඳපාන සේ දිලේ මගේ නෙත් වශී කලේ...//
මගෙ පාලු මැදුරේ පහනක් වෙලා සේ ඔබ ඒවිදෝ මා සනසාවි දෝ...//
සුදුසේල දවටා ඇතැඟිලී බැඳී
ඔබ තුරුලේ හොවා මා කැඳවා යමී
මගෙ දෑස වගේ සසර පුරා රකිමී සදාකල්
සඳපාන සේ දිලේ මගේ නෙත් වශී කලේ
මනමාල යහනේ මනමාලකම් පෑ දුටු මාගෙ සිහිනේ බොඳ වී ගියා...//
මට අදහන්න බෑ සිත පිලිගන්නෙ නෑ
අද මාගේ මුවේ ඔබ අන්සතු කියා
මතු භවයේදි මගේ වෙන්න පතමී සදාකල්
සඳපාන සේ දිලේ මගේ නෙත් වශී කලේ...//
ඔය දෑස දුටු දා සිත මාගෙ බැඳුනා
පෙර සංසාරයේ සිටම පෙරුමන් පිරූ ලෙසේ
සඳපාන සේ දිලේ මගේ නෙත් වශී කලේ...//
ගායනය ඉන්දික ප්රසාද්


