Image and video hosting by TinyPic
Latest Lyrics
Showing posts with label Buddhika Ushan. Show all posts
Showing posts with label Buddhika Ushan. Show all posts

ඉඟ සුඟ නලවන රුවැත්තී (Buddika Ushan)


ඉඟ සුඟ නලවන රුවැත්තී නෙතු රවටන යුවැත්තී
ප්‍රේමණීයයි ඔබගේ සේයා
ඉතසිත නලවන මුවැත්තී හද කකියන හැඩැත්තී
ශෝබනීයයි ඔබගේ මායා
මිහිරාවී මාගේ ඔබ මාගේ සඳනාලී
මන ලෝලී ප්‍රේමී රසවන්තී පෙම්වන්තී
සුකුමාලී මාගේ ඔබ මාගේ මනහාරී
රුචිරාණී නාරී ඔබ වෙනුවෙන් හද පුදමී

ඉඟ සුඟ නලවන රුවැත්තී නෙතු රවටන යුවැත්තී...

සඳ මුවාවී යන වෙලාවේ
ඔබෙ රුව ගැන සිත සිත හද හඬමින් ‍රැය ගෙවෙන්නේ
තරු පහන්වී දැල් උනාවේ
ඔබේ නිල් නෙතු යුග තරු පොකුරු පරදවා දෙලෙන්නේ
මට හිතා ගන්න බැරි ඔබේ ආදරේ දරා ගන්න බෑ ඔබේ සිතෙන්
වෙනස් වී යයිද ඔබේ මේ ආදරේ

ඔබේ සිනාකැන් මට මතක් වී
ඔබ නැති සැම දිනකම සිටියා මං තුරුල් වී
මම හඬාවී ඔබ සිනාසේ
මම ඔබ ලඟ සිටි හැම මොහොතෙම ඔබ නෑ තුරුල්ලෝ
මට හිතා ගන්න බැරි ඔබේ ආදරේ දරා ගන්න බෑ ඔබේ සිතෙන්
වෙනස් වී යයිද ඔබේ මේ ආදරේ

ගායනය  :  බුද්ධික උෂාන්

මේ සඳ වුනත් පායා ඇවිත් (Buddhika Ushan)



මේ සඳ වුනත් පායා ඇවිත් 
ඉස්සර වගේ එලිය දුන්නා වුනත්
මේ හුලඟමත් ආයෙත් ඇවිත්
නුඹ හිද්දී දුන් සිසිල දුන්නා වුනත්
පෙර හැම දේම නුඹ නැතිව ලැබුනා වුනත්
මේ එක රෑට නුඹ නැතිව තැවෙනා දෙනෙත්
හෙට එන රෑට නුඹ නැතිව කෙලෙසකනම් ඉවසම් දෝ...
මේ ගැවෙන්නේ ... අවසන් ‍රැයම වේ 
ආයේනම් ‍රැය අවසන් වේ...

ආයේ හිරු නෑ හෙට හුලඟත් නෑ
නුඹ ආවත් මේ ‍රැය නෑ
ආයේ නුඹ නෑ දුක් කඳුලුත් නෑ
‍රැය ආවත් මම නෑ
මේ ගැවෙන්නේ ... අවසන් ‍රැයම වේ 
ආයේනම් ‍රැය අවසන් වේ...

ගායනය       බුද්ධික උෂාන්
 
Copyright © 2013. Latest Sinhala Lyrics - All Rights Reserved
Proudly powered by Sinhalaya Sindiya