Image and video hosting by TinyPic
Latest Lyrics
Showing posts with label Athma Liyanage. Show all posts
Showing posts with label Athma Liyanage. Show all posts

පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් (Athma Liyanage)



පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් 
නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්
ආවාට නොකීයාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා
මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුනා
හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුනා
ඇත්තමයි නුඹ අහසක් වගේමයි හිතුනා

නුහුරු නුපුරුදු හීන අරන් 
ලඟට ඇවිදින් තුරුලු වෙමින්
ආවාට නොකියාම ජීවිතෙන් 
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇදුනා
රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුනා
ඇසිල්ලක දු‍ටු හීනෙන් හිත හුඟක් රිදුනා
අරුත නොදකින සෙනෙහේ ඔය නමත් ‍රැදුනා

පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් 
නුඹ ඇවිත් මගේ ලඟට හොරෙන්
ආවාට නොකීයාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

ගායනය   ආත්මා ලියනගේ
 
Copyright © 2013. Latest Sinhala Lyrics - All Rights Reserved
Proudly powered by Sinhalaya Sindiya