Image and video hosting by TinyPic
Latest Lyrics
Showing posts with label Udaya Sri. Show all posts
Showing posts with label Udaya Sri. Show all posts

මගේ හිත ලඟ දවසක නතර වෙලා (Udaya Sri)



මුව ‍රැඳි හස‍රැල්ල පානා 
පායන සඳමසේ දිලෙනා
දෑසක මා සෙව්වසේමා
පිවිතුරු ආදරේ ගලනා

මගේ හිත ලඟ දවසක නතර වෙලා
බලනවනම් මුලු හිත පීරා ඔබ
නොහිතු තරම් සෙනෙහස පුරවා
දකිනා හිත ඔබ වෙනුවෙන්ම තමා

මේ සීත රෑයාමේ තුරුලේ හොවා
උණුහුමක සුව දෙන්න උන්නේ බලා
නිදිනේන තුන් යාමේ හිත කිතිකවා
සුරලියක සේ ඉන්න මට ලංවෙලා

මගේ හිත ලඟ දවසක නතර වෙලා.....

දකිනා හිත ඔබ වෙනුවෙන්ම තමා.....

ගායනය  :   උදය ශ්‍රී




මගේ හීනයේ ලඟ ඉන්නට (Udaya Sri)























මගේ හීනයේ ලඟ ඉන්නට
ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයේ දැවටෙන්නට
මගේ උණුහුම මදිවී දෝ
ආදරේ... මටනම් ඇයි විරහා සරදම්
ජීවිතේ... මම නම් ඇයි කඳුලු මෙතරම්

නෙතු මුතුකැට වැටෙන තරම් 
හිතමත දඟ කෙරුව තරම්
උණුහුම හිත හැදුව තරම්
‍රැව‍ටුණු හැටි මා මෙතරම්
හිත හඬන තරම් ඔබ දන්නව නම්
තව කඳුලු දිදී රිදවන්නෑ... මා දැවෙන තරම් ඔබ දන්නෑ...

මගේ හීනයේ ලඟ ඉන්නට......

නොමියෙන මල් මතක පෙතී
එක එක බිඳ දැමුව හැටී
නෙතු අග තෙත ‍රැදුනේ නිතී
මගේ වරදම වෙන්න ඇතී
හුරු සිනහ සිතින් ඔබ ඉන්නවනම්
තව කඳුලු කතා පවසන්නෑ... මේ කඳුලු මගේ දැන් දුක නෑ...

මගේ හීනයේ ලඟ ඉන්නට......

ගායනය  :  උදය ශ්‍රී





 
Copyright © 2013. Latest Sinhala Lyrics - All Rights Reserved
Proudly powered by Sinhalaya Sindiya