Image and video hosting by TinyPic
Latest Lyrics
Showing posts with label Bhathiya and Santhush. Show all posts
Showing posts with label Bhathiya and Santhush. Show all posts

සරා සිහින රහසේ දිවුරා කියා (Bhathiya & Santhush)




සරා සිහින රහසේ දිවුරා කියා
සිතේ කඳුලු පහසේ මැව්නා සිනා
ඔහේ ඇවිද හා මා හද සිතුවිලි විල කලඹා
හැරදා මා ඔබ ගියදා උන් තැන තාමත් ‍රැඳිලා

සිත කඳුලැල්ලෙහි තවරා
කලුවර රසකර වින්දා
සඳ සෙවනැල්ලක් හැංගී
මගේ ඇස් තනිකර තෙමුනා
එසේ කඳුලු ගැලූ ඒ හීනේ
තවමත් ඔබයි ආදරේ

සරා සිහින රහසේ දිවුරා කියා.....

තනි අතකින් හඬ දෙදරා
හරි ආදරයක් හින්ඳා
යලි කවදාවත් නොවෙනා
මහ සාගරයක හැඬුවා
එසේ කඳුලු ගැලූ ඒ හීනේ
තවමත් ඔබයි ආදරේ

සරා සිහින රහසේ දිවුරා කියා.....

ගායනය  :  භාතිය &  සන්තුෂ්

හිත වාවන්නේම නෑ (Bhathiy & Santhush)































හිත වාවන්නේම නෑ
ඔබ ආයෙත් එන්නෙ නෑ
කිරිකෝඩු මැදියම් රෑ 
දුන් හීන එලි වෙන්නෑ
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා...//
මම තාම දන්නෙ මා ඔබේ කියා...

සුසුමන් කියා නොදුන්නු
ජීවිතේ සුපෙම් කතාව කියා දුන්නේ ඔබමයි ලඳේ...//
දෑසක් තියාන ඉන්නේ බැරිද තාම අවදි වෙන්නේ
බලා ඉන්න බෑ මට තවත්
සීතලෙන් මා වෙලී දෙනුවන් පහන් නිවී 
ඔබ යන්නෙ ඇයි ආදරී...

හිත වාවන්නේම නෑ....

උකුලේ නිදාන උන්නු කාලේ ආයෙ එන්නෙ නෑ
තනිවෙන්න බෑ මට ඉතින්...//
කෙහෙ‍රැල්ලේ ගෑගෑවි සුවඳ සෙව්ව මා එදා
ලංවෙලා ඉන්න බෑ ඉතින්
ආදරේ නෑ ඔයා පාලුවේ මා හෙලා
ඔබ යන්නෙ ඇයි ආදරී...//

හිත වාවන්නේම නෑ....

ගායනය     භාතිය & සන්තුෂ්



 
Copyright © 2013. Latest Sinhala Lyrics - All Rights Reserved
Proudly powered by Sinhalaya Sindiya