Image and video hosting by TinyPic
Latest Lyrics
Showing posts with label Sameera Edirisinghe. Show all posts
Showing posts with label Sameera Edirisinghe. Show all posts

වාවන්න බැරි වේදනා (Sameera Edirisinghe )











වාවන්න බැරි වේදනා 
මට දීලා ඔබ වෙන්වුනා
මා දු‍ටු හීන නැහැ නිම වෙලා
දැන් කාටදෝ හිමි ඔයා... කියන් කාටදෝ හිමි ඔයා...


නොසිතූ වෙලාවකදි නෙතු පැටලිලා
රහසේම ඔබ මාව එක්ටැම් කලා
සුන්දර දසුන් මවලා සිහිනෙන් පවා
පෙම් කල සිතත් මාත් මට නැති කලා

පැතුමන් විලාපෙන් හඬයි රෑ දිවා
හැඟුමන් සිතේ සිරවී අඩපන වෙලා
ඔබ එන්නෙපා කිසිදා සිහිනෙන් පවා
පෙම්බර සිතක් ආයේ මට නැති නිසා

වාවන්න බැරි වේදනා 
මට දීලා ඔබ වෙන්වුනා
මා දු‍ටු හීන නැහැ නිම වෙලා
දැන් කාටදෝ හිමි ඔයා... කියන් කාටදෝ හිමි ඔයා...

ගායනය     සමීර එදිරිසිංහ (මාතර C)

ආඩම්බර සඳවතී (Sameera Edirisinghe)


ආඩම්බර සඳවතී
ඔබ එන මග මල් පිපී
සිත් අරණට සම වැදී
මා ගත අඩපණ කලා

ආදර සිත සඟවන්නට බැහැ මට සමනලියේ
දේදුන්නක පාර කියනවද ආඩම්බර කාරී
සිත් යහනේ මා පැටලී ඔබ ලඟ දැවටෙන්නම්
සඳ තරු අතරේ සැඟවී ඔබ එන මඟ ඉන්නම්

සීතල කඳු මුදුන් අතරේ ඔබෙ සුවඳයි ‍රැඳුනේ 
හිමි කර ගන්නට ඔය රතු කම්මුල් මඟ බලමින් ඉන්නේ
සිත් යහනේ මා පැටලී ඔබ ලඟ දැවටෙන්නම්
සඳ තරු අතරේ සැඟවී ඔබ එන මඟ ඉන්නම්

ආඩම්බර සඳවතී 
ඔබ එන මග මල් පිපී
සිත් අරණට සම වැදී
මා ගත අඩපණ කලා

ගායනය    සමීර (මාතර C)
 
Copyright © 2013. Latest Sinhala Lyrics - All Rights Reserved
Proudly powered by Sinhalaya Sindiya