Image and video hosting by TinyPic
Latest Lyrics
Showing posts with label Noel Raj. Show all posts
Showing posts with label Noel Raj. Show all posts

දුක වැඩි තරමට කඳුලු හෙලන්නට (Noel Raj)




දුක වැඩි තරමට කඳුලු හෙලන්නට
නෙත තවමත් විවර වෙලා
කවදාවත් හිමි නොවනට
ඔබ මාගෙන් ඈත් වෙලා
හැඬවෙන නෙතඟට තරව‍ටු කෙරුවට
කඳුලැල් නෑ නතර වෙලා
හැමදාමත් රිදවන්නට ඔබ ගියේ ඇයි ඈත්වෙලා

වෙනසක් නැහැ මගේ සිහිනේ 
තාමත් මල් පිබිදෙන්නේ
‍රැව‍ටුනු මේ හිත මාගේ
තනිවුනු බව නෑ දන්නේ
මුලු යහන පුරා විඳි සුවද පවා නැත
දුක විතරක් ඉතිරි වෙලා

කඳුලක් කඳුලක් ගානේ
ඔය රුවමයි සිහිවෙන්නේ
මට නොලැබුනු ඔබේ සෙනෙහේ
වෙනකුගේ බව නෑ දැනුනේ
ජීවිතය පුරා පැතු පැතුම් මකා ඔබ
දුක විතරක් උරුම කලා

දුක වැඩි තරමට කඳුලු හෙලන්නට......

ගායනය  :   නොයෙල් රාජ්

ලං ලං වෙලා සිතින් මා (Noel Raj)



ලං ලං වෙලා සිතින් මා හොර රහසේ ගොළුවෙලා 
දැන දැනත් අහිමි බැව් මා පෙම් කලා
මේ පාලු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා

පැහැසර සිනාවෝ අත සුසුම් එවලා
හොර රහසේ ගියේදෝ මේ දෑස හඬවාලා
මේ පාලු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා

දුප්පත් කතාවෝ ඇති ළයේ ‍රැස් වෙලා
අහලා බලන්න ඒවා මතකද කියාලා
මේ පාලු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා

ලං ලං වෙලා සිතින් මා හොර රහසේ ගොළුවෙලා .....

ගායනය  :   නොයෙල් රාජ්
 
Copyright © 2013. Latest Sinhala Lyrics - All Rights Reserved
Proudly powered by Sinhalaya Sindiya