Image and video hosting by TinyPic
Latest Lyrics
Showing posts with label Roshan Fernando. Show all posts
Showing posts with label Roshan Fernando. Show all posts

ඔබ මලක් සුවඳ මලක් (Roshan Fernando)


ඔබ මලක් සුවඳ මලක්
මට නෙලා ගන්න නැතත්
එහි සුවඳ විඳිමි තවත්...//

මා ඔබට පෙම් කලේ පිරිසිදු සිතින්
ඔබේ රුවට වඩා සුවඳට හිත ගිහින්
ඒ සුවඳ හොරෙන් ඇවිත්
ඔබෙ රුව මතකෙට ගෙනෙයි
හරිම හිමින්

ඔබ තලා පෙලන්නෑ මා රුදු සිතින්
විෂ බඹර තුඩක පහසට නතු කරන්
දුර ඈත ඉඳන් බලන්
මම සැනසෙන්නම් ඉතින් 
ඔබ නමින්


ඔබ මලක් සුවඳ මලක්
මට නෙලා ගන්න නැතත්
එහි සුවඳ විඳිමි තවත්...//

ගායනය   රොෂාන් ප්‍රනාන්දු

ඔයා නිසා හඬලා... මගේ ඇසුත් රිදුනා... (Roshan Fernando)



ඔයා නිසා හඬලා
මගේ ඇසුත් රිදුනා
තරහ වෙලා... හැර ගියදා...
පාලුවෙයි උන්නේ 
වේදනා දැනුනේ


සිහිකරලා ඔබ ගැන මා හඬලා

තව මට නෑ සැනසිල්ලක් ලැබිලා
පෙම බිඳලා ඔබ ගියදා ඉඳලා
තනිවීලා ඉන්නේ සැමදා...//


සෙනෙහස මා මඳ සුලඟක් කරලා

පා කෙරුවා එනලෙස ඔබ සොයලා
සුසුමක් වී ඒ සුලඟේ එතිලා
එනු මැන වී මා හා බැඳිලා...//


ඔයා නිසා හඬලා

මගේ ඇසුත් රිදුනා
තරහ වෙලා... හැර ගියදා...
පාලුවෙයි උන්නේ
වේදනා දැනුනේ


ගායනය         රොෂාන් ප්‍රනන්දු
පද රචනය     අයෝධ්‍ය පෙරේරා
තනුව            රදීෂ වැන්දබෝනා









 
Copyright © 2013. Latest Sinhala Lyrics - All Rights Reserved
Proudly powered by Sinhalaya Sindiya