Image and video hosting by TinyPic

සඳපාන සේ දිලේ මගේ නෙත් වශී කලේ (Indika Prasad)

{[['']]}
සඳපාන සේ දිලේ මගේ නෙත් වශී කලේ...//
ඔය දෑස දු‍ටු දා සිත මාගෙ බැඳුනා
පෙර සංසාරයේ සිටම පෙරුමන් පිරූ ලෙසේ
සඳපාන සේ දිලේ මගේ නෙත් වශී කලේ...//

මගෙ පාලු මැදුරේ පහනක් වෙලා සේ ඔබ ඒවිදෝ මා සනසාවි දෝ...//
සුදුසේල දවටා ඇතැඟිලී බැඳී
ඔබ තුරුලේ හොවා මා කැඳවා යමී
මගෙ දෑස වගේ සසර පුරා රකිමී සදාකල්
සඳපාන සේ දිලේ මගේ නෙත් වශී කලේ

මනමාල යහනේ මනමාලකම් පෑ දු‍ටු මාගෙ සිහිනේ බොඳ වී ගියා...//
මට අදහන්න බෑ සිත පිලිගන්නෙ නෑ
අද මාගේ මුවේ ඔබ අන්සතු කියා
මතු භවයේදි මගේ වෙන්න පතමී සදාකල්

සඳපාන සේ දිලේ මගේ නෙත් වශී කලේ...//
ඔය දෑස දු‍ටු දා සිත මාගෙ බැඳුනා
පෙර සංසාරයේ සිටම පෙරුමන් පිරූ ලෙසේ
සඳපාන සේ දිලේ මගේ නෙත් වශී කලේ...//

ගායනය  ඉන්දික ප්‍රසාද්

Share This Lyric :

2 comments:

ඔයාගේ හිතට මේ ගීතය ගොඩාක් සමීප වුණා නම් ඔයාගේ ජීවිතේ අමතක නොවන කෙනෙක් වෙනුවෙන් දැනෙන පුංචිම හරි දෙයක් ලියලා යන්න.ඔබට ජය.

 
Copyright © 2013. Latest Sinhala Lyrics - All Rights Reserved
Proudly powered by Sinhalaya Sindiya