Image and video hosting by TinyPic

සඳකඩ පහනක කැටයම් ඔපලා (Sunil Edirisinghe)

{[['']]}



සඳකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී
කැලැතුනු රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවෙයි.
යුගයෙන් යුගයට නොමියෙන දහනක ගීයක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුලක් මැලැවෙද්දී...//

දහසක් පෙති මත රහසක් කොඳුරා තුඩින් තුඩක ගෙන යන බිංඳු
ගව්වක් ඉහලට ගොනුකොට රඳවා පොපියන දෙතොලක් එහි කැන්ඳු
අහස ගුගුරා කලුවක් වපුරා ඒ හා මුහුවුණු වැහි බිංඳු
ඈ ගෙන යද්දී නටඹුන් අතරේ 
තවකෙක් ඈ වෙත හද ‍රැන්ඳු..//

හදවිල ඉපැදුනු කැකුලක් නොතලති න‍ටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය නෙත්කොට ගිලිහුනු කඳුලක් සත්සමුදුරට මුහුව ගියා
ඔබට උරුම වූ රිදුනු තැවුනු හද එක්ටැම් මැදුරක කඳුලු අරා
රුවන් විමානේ පියාඹා එනතුරු පොපියන හදවත සිටියි බලා

ගායනය   සුනිල් එදිරිසිංහ
Share This Lyric :

1 comment:

  1. පද මාලාවේ වැරදි වචන පේනවා. මෙන්න නියම පද මාලාව.

    සඳකඩ පහනක කැටයම් ඔපලා
    පාවෙන දේදුණු ලැගුම් ගනී
    කැලැතුනු රසයක පැන ආ බුබුලක්
    අකුරු වැලක් දෙහදක ලියැවී
    යුගයෙන් යුගයට නොමියෙන දහනක
    දිවියක පදනම මතු වෙද්දී
    නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
    සියුමැලි කැකුළක් මැළවෙද්දී...

    දහසක්පෙතිමත රහසක් කොඳුරා
    තුඩින් තුඩට ගෙනයන බින්දූ
    ගවුවක් ඉහලක ගොනු කොට රඳවා
    පොපියන දෙතොලක් එහි කැන්දූ
    අහසක් ගුගුරා කළුවක් වපුරා
    ඒ හා මුහු වුන වැහි බින්දු
    ඈ ගෙන යද්දී නටඹුන් අතරෙක
    තවෙකෙක් ඈ වෙත හඳ රැන්දූ...//

    සඳකඩ පහනක කැටයම් ඔපලා......

    හදවිල ඉපැදුණු කැකුළක් නොකලට
    නටුවන් ගලවා දුරක යවා
    මිහිලිය තෙත් කොට ගිලිහුණු කඳුළක්
    සත් සමුදුරකට මුහුව ගියා
    ඔබට උරුම වූ රිදුණු තැවුණු හද
    එක්ටැම් මැදුරක කවුළු අරා
    රුවන් විමානෙන් පියඹා එනතුරු
    පොපියන හදවත සිටී බලා..

    ReplyDelete

ඔයාගේ හිතට මේ ගීතය ගොඩාක් සමීප වුණා නම් ඔයාගේ ජීවිතේ අමතක නොවන කෙනෙක් වෙනුවෙන් දැනෙන පුංචිම හරි දෙයක් ලියලා යන්න.ඔබට ජය.

 
Copyright © 2013. Latest Sinhala Lyrics - All Rights Reserved
Proudly powered by Sinhalaya Sindiya