{[['
']]}

වෙන්වී දැන් යන්න ඉතින්
වෙන්වී යන්නම ඕනේ නම්
කීරිගැහී හඬන සුසුම්
ඉවසුම් නෑ මේ පපුවට දැන්
මා වෙනුවෙන් මැව්ව සෙනේ රහසේම කාටද පුදා
වෙන්වී දැන් යන්න ඉතින්
වෙන්වී යන්නම ඕනේ නම්...
මගෙ සිහිනේ ඉඩ ඉල්ලා
පෙරදා ඔබමයි පියමැන්නේ
පෙම් පහසේ වෙලී ඉඳලා
කෙලෙසද අද මා හැර යන්නේ
සෙනෙහසින් පෙර එදා මගෙ වෙලා උන් ඔයා
අද මෙසේ වෙන් වෙලා මා දමා යයි ඔයා
පෙම් සිහිනේ දුක රන්දා
ගියාට කම් නෑ සතුට සොයා
මගෙ සෙනෙහේ සිහිවේ නම්
කවදා හෝ යලි එන්න සොයා
සෙනෙහසින් පෙර එදා මගෙ වෙලා උන් ඔයා
අද මෙසේ වෙන් වෙලා මා දමා යයි ඔයා
වෙන්වී දැන් යන්න ඉතින්
වෙන්වී යන්නම ඕනේ නම්
කීරිගැහී හඬන සුසුම්
ඉවසුම් නෑ මේ පපුවට දැන්
මා වෙනුවෙන් මැව්ව සෙනේ රහසේම කාටද පුදා
ගායනය චාමික සිරිමාන්න
No comments:
Post a Comment
ඔයාගේ හිතට මේ ගීතය ගොඩාක් සමීප වුණා නම් ඔයාගේ ජීවිතේ අමතක නොවන කෙනෙක් වෙනුවෙන් දැනෙන පුංචිම හරි දෙයක් ලියලා යන්න.ඔබට ජය.