Image and video hosting by TinyPic

අම්මා (Sangeeth Wijesooriya)

{[['']]}




මේ ගීය සෑම මවකටම උපහාරයක් වේවා...



දන්  දී පින් දී උදම් වී දම් සාරෙන් නෑවිල
සම්මා සිත් පෑදුවා අම්මා...
කුස්හී දුක් ගී වැයෙද්දී හිස්වී ඇවිලී ගිනී
මං නැත්නම් කෑවේ නෑ අම්මා...
ඊට නම් බෑ ඉතින් වන්දි දෙන්න...
ආයෙමත් ආයෙමත් අම්මා වෙන්න...
නිවනින් වේලිලා වේදනා සේදිලා යනතෙක්ම...
අම්මා... අම්මා... අම්මා...

වාවාලා මිහිකත වාගේ
කැක්කුම් බේත් නාලා දියඋන රූපේ
සම ‍රැලි වී කෙහෙ ගැලැවී කුදු වෙනවා නේ අම්මා..
හද දනවා ඉවසනවා ඔබ කියලා දී ඇත්තාසේ
අම්මා... අම්මා... අම්මා...

දීඝායූ වැඩි වැඩි වේවා
දෙවියොත් දෑස් පාලා ලෙඩ දුරලාවා
කිරි එරවා යලි පොවනා ලෙස ලංවෙනවා අම්මා...
මට ලංවී සංසාරේ සංහිඳවන්නේ අම්මා...

ගායනය  :   සංගීත් විජේසූරිය
Share This Lyric :

2 comments:

ඔයාගේ හිතට මේ ගීතය ගොඩාක් සමීප වුණා නම් ඔයාගේ ජීවිතේ අමතක නොවන කෙනෙක් වෙනුවෙන් දැනෙන පුංචිම හරි දෙයක් ලියලා යන්න.ඔබට ජය.

 
Copyright © 2013. Latest Sinhala Lyrics - All Rights Reserved
Proudly powered by Sinhalaya Sindiya