Image and video hosting by TinyPic

මගේ හීනයේ ලඟ ඉන්නට (Udaya Sri)

{[['']]}






















මගේ හීනයේ ලඟ ඉන්නට
ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයේ දැවටෙන්නට
මගේ උණුහුම මදිවී දෝ
ආදරේ... මටනම් ඇයි විරහා සරදම්
ජීවිතේ... මම නම් ඇයි කඳුලු මෙතරම්

නෙතු මුතුකැට වැටෙන තරම් 
හිතමත දඟ කෙරුව තරම්
උණුහුම හිත හැදුව තරම්
‍රැව‍ටුණු හැටි මා මෙතරම්
හිත හඬන තරම් ඔබ දන්නව නම්
තව කඳුලු දිදී රිදවන්නෑ... මා දැවෙන තරම් ඔබ දන්නෑ...

මගේ හීනයේ ලඟ ඉන්නට......

නොමියෙන මල් මතක පෙතී
එක එක බිඳ දැමුව හැටී
නෙතු අග තෙත ‍රැදුනේ නිතී
මගේ වරදම වෙන්න ඇතී
හුරු සිනහ සිතින් ඔබ ඉන්නවනම්
තව කඳුලු කතා පවසන්නෑ... මේ කඳුලු මගේ දැන් දුක නෑ...

මගේ හීනයේ ලඟ ඉන්නට......

ගායනය  :  උදය ශ්‍රී





Share This Lyric :

No comments:

Post a Comment

ඔයාගේ හිතට මේ ගීතය ගොඩාක් සමීප වුණා නම් ඔයාගේ ජීවිතේ අමතක නොවන කෙනෙක් වෙනුවෙන් දැනෙන පුංචිම හරි දෙයක් ලියලා යන්න.ඔබට ජය.

 
Copyright © 2013. Latest Sinhala Lyrics - All Rights Reserved
Proudly powered by Sinhalaya Sindiya