{[['
']]}

කඳුලැල් උහුලන් හිත ගැල් වූ වේදනා
විඳිමී රහසින් පෙර මතකයේ එල්ලිලා
ඔබ මෙන් තවකෙකු හා යන්නට හිත නැති නිසා
තනිවී විඳිමී ආදරයේ වේදනා
කෙටි කලකදී මේ හිතට වී පෙම් හැඟුම් අවුලුවා

නොසිතු මොහොතේ ගියත් මා හඬවලා
නැවත එනකල් බලා ඉන්නම් සදා
හඬා වැලපී දවස ගෙවමී පැතූ හීනෙට වෙලා
හුස්ම වැටෙනා තුරා හිඳිමී තවත් හිතකට නොයා
නොසිතු මොහොතේ ගියත් මා හඬවලා
නැවත එනකල් බලා ඉන්නම් සදා
කඳුලැල් උහුලන් හිත ගැල් වූ වේදනා
විඳිමී රහසින් පෙර මතකයේ එල්ලිලා
ඔබ මෙන් තවකෙකු හා යන්නට හිත නැති නිසා
තනිවී විඳිමී ආදරයේ වේදනා
ගායනය ජූඩ් රොගන්ස්
No comments:
Post a Comment
ඔයාගේ හිතට මේ ගීතය ගොඩාක් සමීප වුණා නම් ඔයාගේ ජීවිතේ අමතක නොවන කෙනෙක් වෙනුවෙන් දැනෙන පුංචිම හරි දෙයක් ලියලා යන්න.ඔබට ජය.