Image and video hosting by TinyPic

ඉඟ සුඟ නලවන රුවැත්තී (Buddika Ushan)

{[['']]}

ඉඟ සුඟ නලවන රුවැත්තී නෙතු රවටන යුවැත්තී
ප්‍රේමණීයයි ඔබගේ සේයා
ඉතසිත නලවන මුවැත්තී හද කකියන හැඩැත්තී
ශෝබනීයයි ඔබගේ මායා
මිහිරාවී මාගේ ඔබ මාගේ සඳනාලී
මන ලෝලී ප්‍රේමී රසවන්තී පෙම්වන්තී
සුකුමාලී මාගේ ඔබ මාගේ මනහාරී
රුචිරාණී නාරී ඔබ වෙනුවෙන් හද පුදමී

ඉඟ සුඟ නලවන රුවැත්තී නෙතු රවටන යුවැත්තී...

සඳ මුවාවී යන වෙලාවේ
ඔබෙ රුව ගැන සිත සිත හද හඬමින් ‍රැය ගෙවෙන්නේ
තරු පහන්වී දැල් උනාවේ
ඔබේ නිල් නෙතු යුග තරු පොකුරු පරදවා දෙලෙන්නේ
මට හිතා ගන්න බැරි ඔබේ ආදරේ දරා ගන්න බෑ ඔබේ සිතෙන්
වෙනස් වී යයිද ඔබේ මේ ආදරේ

ඔබේ සිනාකැන් මට මතක් වී
ඔබ නැති සැම දිනකම සිටියා මං තුරුල් වී
මම හඬාවී ඔබ සිනාසේ
මම ඔබ ලඟ සිටි හැම මොහොතෙම ඔබ නෑ තුරුල්ලෝ
මට හිතා ගන්න බැරි ඔබේ ආදරේ දරා ගන්න බෑ ඔබේ සිතෙන්
වෙනස් වී යයිද ඔබේ මේ ආදරේ

ගායනය  :  බුද්ධික උෂාන්

Share This Lyric :

3 comments:

  1. මම නම් දැන්ම හඬන්නෙ නැතෝ.. හඬන්න වෙන්නත් එපෝ...

    ReplyDelete
  2. අර ඕල් රයිට්ලයි චාටර් සිංදුවක් තියෙන්නෙ,

    කොටම කොටයි ඈ කළුම කළුයි

    අන්න ඒක හොයලා දාන්නකෝ....

    ReplyDelete
  3. විකාශය වූ ටෙලිනාට්‍ය,සින්දු වීඩියෝ,ටියුටෝරියල්,සිනමා බලන්න පිවිසෙන්න http://tvmart.blogspot.com/ හැමදෙයක්ම එකම තැනකින්

    ReplyDelete

ඔයාගේ හිතට මේ ගීතය ගොඩාක් සමීප වුණා නම් ඔයාගේ ජීවිතේ අමතක නොවන කෙනෙක් වෙනුවෙන් දැනෙන පුංචිම හරි දෙයක් ලියලා යන්න.ඔබට ජය.

 
Copyright © 2013. Latest Sinhala Lyrics - All Rights Reserved
Proudly powered by Sinhalaya Sindiya