Image and video hosting by TinyPic

අදහන්න බෑ ඔබද මේ (Shashika Nisansala)

{[['']]}


අදහන්න බෑ ඔබද මේ 
සිඳලන්නේ ඇයි ප්‍රථම ප්‍රේමේ
ආදරේ විශ්මය කිමැයි
ඔබ නේද මා හා කියූවේ
සුසුමින් ගෙතූ වදනින් නොවූ
කවියක්ද ඒ ආදරේ...//

ගිම්හානයේ සුහුඹුල් සඳේ
නෑඹුල් මලක් රහසින් සැලී
මල් සැඟවුනා පෙති හැකිලුනා
සඳ සැඟවුනා තරු වැලපුනා
අසරණ වෙලා මා නෙතු දිය වුණා

පිනි බිංදුවේ විහඟුන් තුඩේ
සැඟවී ගියාදෝ කවිවැල් ගෙතූ
මේ බිම් තෙරේ නිල් තුරු ඉමේ
සලකුණු මැකී නෑ සුවඳැල් සැලේ
කඳුලක් ගලා මා ජීවිතේ

අදහන්න බෑ ඔබද මේ 
සිඳලන්නේ ඇයි ප්‍රථම ප්‍රේමේ
ආදරේ විශ්මය කිමැයි
ඔබ නේද මා හා කියූවේ
සුසුමින් ගෙතූ වදනින් නොවූ
කවියක්ද ඒ ආදරේ...//

ගායනය    ශෂිකා නිසංසලා
Share This Lyric :

1 comment:

  1. To GJ : සුසුමින් ගෙතූ, වදනින් නොවූ,
    කවියක්ද ඒ ආදරේ..

    ReplyDelete

ඔයාගේ හිතට මේ ගීතය ගොඩාක් සමීප වුණා නම් ඔයාගේ ජීවිතේ අමතක නොවන කෙනෙක් වෙනුවෙන් දැනෙන පුංචිම හරි දෙයක් ලියලා යන්න.ඔබට ජය.

 
Copyright © 2013. Latest Sinhala Lyrics - All Rights Reserved
Proudly powered by Sinhalaya Sindiya