{[['']]}
හිනැහෙන්නේ ඇයි ඔහොම වාවනේ නෑ සිතට
මම අසරණයි පුංචි පෙම්වන්තියේ
නෙතු තද කරන් ඉන්නේ නැතිවාද ඇහැරෙන්නේ
අවසන් ගමන් යන්න සැරසීලාදෝ...//
රැලි වැටුනු සුදු ගව්මේ රැලි කොහෙද සැඟවූයේ
සඳකැන් මුවා වීද මා කුමරියේ
බාලිකා කැල සමඟ සැරි සරපු පෙම් කුසුම
නටුවෙන් මිදී යන්නේ අද තනිවදෝ...//
පොත් මිටිය ඔය ළමැදේ තුරුලු කර හමු වුයේ
සිනහා පෑ මගේ පුංචී දඟකාරීයේ
ඒ ළැම වසා ගත්ත සුදු පාට මල් පොකුර
පෙර දිනක මම දුන්නු සුදු මල්ම දෝ...//
හිනැහෙන්නේ ඇයි ඔහොම වාවනේ නෑ සිතට
මම අසරණයි පුංචි පෙම්වන්තියේ
නෙතු තද කරන් ඉන්නේ නැතිවාද ඇහැරෙන්නේ
අවසන් ගමන් යන්න සැරසීලාදෝ...//
ගායනය ජූඩ් රොගන්ස්
No comments:
Post a Comment
ඔයාගේ හිතට මේ ගීතය ගොඩාක් සමීප වුණා නම් ඔයාගේ ජීවිතේ අමතක නොවන කෙනෙක් වෙනුවෙන් දැනෙන පුංචිම හරි දෙයක් ලියලා යන්න.ඔබට ජය.