Image and video hosting by TinyPic

හැමදාම හඬන සිත හදන්න ඔබ ලඟ නෑනේ (Romesh Sugathapala)

{[['']]}


හැමදාම හඬන සිත හදන්න ඔබ ලඟ නෑනේ
කව්රුවත් එපා ඔබ හැරුනම දුක දැනුනාවේ
ඉස්සර වගේ හීනෙන්වත් දැන් එන්නෑනේ
මට විතරද දුක දැනෙන්නේ මං දන්නෑනේ

සඳ මඩලට උපමා කර කවි ලිව් කාලේ
කාගෙත් දුක දැනෙනා හිතක් ඔබ සතු වූයේ
කඳුලු බලා ඔබ අද මට හිනැහෙනවානේ
ඔබවම සිත පතනා කරුන මං දන්නෑනේ

හැමදාම හඬන සිත හදන්න ඔබ ලඟ නෑනේ
කව්රුවත් එපා ඔබ හැරුනම දුක දැනුනාවේ
ඉස්සර වගේ හීනෙන්වත් දැන් එන්නෑනේ
මට විතරද දුක දැනෙන්නේ මං දන්නෑනේ

නෙතු තෙමුනා මගෙ මතකෙට ඔබ එනගානේ
තාම හිතේ ඔබ ඇරුනම කව්රුත් නෑනේ
අද නැතිමුත් ලඟ සිටිදා සිත හැදුවානේ
හිත මේ තරමට අසරණ ඔබ හින්දානේ

හැමදාම හඬන සිත හදන්න ඔබ ලඟ නෑනේ
කව්රුවත් එපා ඔබ හැරුනම දුක දැනුනාවේ
ඉස්සර වගේ හීනෙන්වත් දැන් එන්නෑනේ
මට විතරද දුක දැනෙන්නේ මං දන්නෑනේ

ගායනය  රොමේෂ් සුගතපාල
Share This Lyric :

No comments:

Post a Comment

ඔයාගේ හිතට මේ ගීතය ගොඩාක් සමීප වුණා නම් ඔයාගේ ජීවිතේ අමතක නොවන කෙනෙක් වෙනුවෙන් දැනෙන පුංචිම හරි දෙයක් ලියලා යන්න.ඔබට ජය.

 
Copyright © 2013. Latest Sinhala Lyrics - All Rights Reserved
Proudly powered by Sinhalaya Sindiya